පුද්ගලයින් 46,673ක් නිරෝධායනය අවසන් කරයි

මෙරට දී නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් සංඛ්‍යාව 46,673ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් අද (30) දිනයේ දී සාර්ථක ලෙස නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 343 දෙනෙක් සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව තවත් පුද්ගලයින් 7,132 දෙනෙකු ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මකවන නිරෝධායන මධ්‍යස්ථාන 74ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *