දේශීය

ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (11) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අතර සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 331,694 දෙනෙකු අයඳුම්කර ඇති අතර සිංහල මාධ්‍යයෙන් සිසුන් 248,072 දෙනෙකුත් දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,622 දෙනෙකුත් ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

Covid 19 වෛරසය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයන් හි රැඳී සිටින සිසුන්ට විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද සපයන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?