කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69ක් නිරෝධායනයට

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69දෙනෙකු ඇතුළු 84 දෙනෙකු පිරිවෙන තුළම ඊයේ (13) රාත්‍රියේ සිට නිරෝධායනය ලක් කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ පිරිවෙනේ වැඩ වසන හිමිනමකගේ මවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟය.

ඇය හිමිනමගේ සුවදුක් බැලීම සඳහා පසුගිය 02දා කටුනායක සිට පැමිණ පැයක් පමණ එහි ගත කිරීමෙන් අනතුරුව පිටව ගොස් ඇති අතර ඒ හේතුවෙන් මෙසේ හිමිවරුන් නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *