දේශීය

ඇමති විදුරගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රවී කරුණානායක සහ රාජිත සේනාරත්න ‍අත්අඩංගුවට ගැනීමට රඟ දැක්වූ නාටක වැනිම නර නාටකයක් රිෂාඩ් බදියුදින් සොයන්නට ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසූවේ රටේ ජනතාවට විහිළු කරන්නට උත්සාහ කළොත් ජනතාව මේවා විහිළු හැටියට ගණන් නොගන්නා බවත් ඊළග මැතිවරණයේ දී ජතතාව දරුණු තීන්දුවක් වත්මන් ආණ්ඩුවට ලබා දෙනු ඇති බවත්ය.

පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වූ දේ මීළග මැතිවරණයේ දී තමන්ට සිදු නොවීමට නම් මෙවැනි නර නාටක අවසන් කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ගෙවුනු කාලපරිච්ඡේදය පුරා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වත්මන් රජයේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් දැඩි විවේචනයන් ඉදිරිපත් කරමින් තිබීම විශේෂත්වයක්.

20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද ඔහුගේ ස්ථාවරය පක්ෂපාති එකක් නොවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?