කළුබෝවිල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා

කළුබෝවිල කොරෝනා වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කොවිඩ් ආසාදිත සේවකයා ඉකුත් 15 වැනිදා අවසන්වරට රෝහලට පැමිණ තිබූ අතර ඇති වූ රෝග ලක්ෂණ හේතුවෙන් PCR පරීක්ෂණයකට යොමු වී තිබේ.

එම සේවකයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් රෝහල් කාර්ය මණ්ඩලයේ 40දෙනෙකු පමණ PCR පරීක්ෂණයන් සඳහා යොමුකළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *