දේශීය

කොළඹ ප්‍රදේශයේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (22) දින සිට 29වන දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබුණත් www.motortraffic.wp.gov.lk වෙත පිවිසීමෙන් ආදායම් බලපත්‍ර ලබාගත හැකි වේ.

එම කාලසීමාව තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී දඩ මුදලක් අය නොකිරීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *