නාමල්ට එරෙහි නඩුවේ සාක්ෂියට ප්‍රංශ විමර්ශකවරියක් ලංකාවට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවතින එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධියේ නඩු විභාගය සඳහා ප්‍රංශ වෝහාරික විමර්ශකවරියක වන යුසර් කලීල් මෙරටට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මෙහෙයවූ යුසර් කලීල් මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇති අතර, ඇය මෙරටට පැමිණීමෙන් අනතුරුව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව සඳහන් වේ.
එයාර්බස් ගනුදෙනුවට අදාළව මතුවූ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිදුකරන නීතිමය ක්‍රියාමාර්ග අතර මෙම සාක්ෂි විමසීම විශේෂ අවධානයට ලක්ව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

