දේශීය

අග්‍රාමාත්‍ය මහින්ද සහ කොරියානු තානාපති හමුව

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට කොරියානු තානාපති අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේ දී පවත්වා ඇති බව වාර්තා වේ.

එම හමුවේ දී මෙරට තුළ ආයේජනය කිරීම සඳහා ඉදිරිපත්වන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොරියානු ආයෝජකයින්ට ඇරයුම් කර ඇත.

තවද දශක කිහිපයකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙකු බවත් මේ වන විට කොරියානු සමාගම් 115කට වැඩි ප්‍රමාණයක් රටතුළ ක්‍රියාත්මකවන බවද ප්‍රකාශ කර ඇති අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් බවත් කොරියානු තානාපතිවරයාට මෙරට තුළ ආයෝජනය කිරීමට එක්වන බවත්ය.

එහි දී අදහස් දැක්වූ කොරියානු තානාපතිවරයා පවසා ඇත්තේ කොවිඩ් 19 අර්බුදයට මුහුණදීම සඳහා කොරියානු රජය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන බවයි.

එමෙන්ම එම හමුවවේ දී ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගත හැකි අපනයන, සංචාරක සහ සංක්‍රමණික සේවාවන් පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?