දේශීය

පානදුර නගර සභා පරිශ්‍රයට පිවිසීම තාවකාලිකව අත්හිටුවයි

පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ පානදුර නගර සභා පරිශ්‍රයට පිවිසීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

නගරාධිපතිවරයාගේ රියදුරු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

එමෙන්ම මාළු මිලදී ගැනීම සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට ගිය ජා-ඇළ සහ කඳාන ප්‍රදේශවල වෙළඳුන් සහ පාරිභෝගිකයින් 73දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ ඊයේ (27) රාත්‍රියේ දී ඔවුන්ව ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *