විදේශීය

ඇමරිකාව උණුසුම් – අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රමාද ඇයි?

ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසාන ඡන්ද ප්‍රතිඵලය ප්‍රමාද වීම පිළිබඳව මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. අවසන් ඡන්ද ප්‍රතිඵලයට අවසාන මොහොතේ හෝ බලපෑමක් සිදු වේ යැයි යන සැකය ද මේ වන විට කතාබහට ලක්වෙනවා.

එවැනි තත්වයක් මත ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වීම පිළිබඳව නිවැරදි තොරතුරු මෙලෙසයි.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වෙනත් ඡන්ද විමසීම වලට සාපෙක්ෂව ඇමරිකානුවන් අති විශාල ප්‍රමාණයක් මෙවර තැපැල් ඡන්දය භාවිතා කරනු ලැබුවා.

තැපැල් ඡන්ද ගණන් කිරීම මැතිවරණ දිනට පෙර බොහෝ ජනපද රාජ්‍ය වල අවසන් කර තිබුණත් මිචිගන්, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් ජනපද රාජ්‍යයන්හි මැතිවරණ දිනට කලින් තැපැල් චන්ද ගණන් කිරීම එම ජනපද රාජ්‍ය නීති මගින් තහනම් කර තිබෙනවා.

එම නිති වෙනස් කරන ලෙස කරන ලද ඉල්ලීම් මැතිවරණයට පෙර සිදුකර ඇතත් එම රාජ්‍යවල බලයේ සිටින රිපබ්ලිකන් පක්ශ ආණ්ඩු ඒවා ප්‍රතික්ශේප කර තිබුණා.

ඒ් නිසා එම ප්‍රාන්තවල තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් වන තුරු අවසාන ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ.

කෙසේ වෙතත් තැපැල් චන්ද බහුතරයක් ජෝ බයිඩන්ට ලැබෙන බවට නිල නොලත් වර්තා ලැබී අවසන්. මේ තත්වය මත තැපැල් චන්ද ගැනීම නවත්වන ලෙස ඉල්ලමින් ට්‍රම්ප්ගේ නීතිඥයන් අධිකරණයේ පිහිට පතා තිබෙනවා. ඡන්ද ගැනීම නවත්වන ලෙස උසාවිය නියෝගයක් නිකුත් කළහොත් ගැටුම්කාරී උණුසුම් ඇමරිකාවක් ඉදිරි දින කිහිපයේදී දැකගැනීමට හැකිවීම අනිවාර්යයක්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?