විදේශීය

ජෝ බයිඩ්න් ඉදිරියෙන්

පසුගිය (03) දින ඇමෙරිකානු එක්සත් ජන පදයේ පැවති ජනාධිපතිවරණයෙන් මේ වන විට ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සමස්ත ඡන්ද විද්‍යාල 264ක් ලබා ගනිමින් මේවන විට ඉදිරියෙන් සිටින ජෝ බයිඩ්න් හට ජයග්‍රාහනය සඳහා ලබා ගැනීමට අවශ්‍යව ඇත්තේ ඡන්ද විද්‍යාල 6ක ඡන්ද පමණි.

ඡන්ද විද්‍යාල 214ක් ලබා ගැනීමට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට හැකි වී ඇති අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මැතිවරණයේදී සංවිධානාත්මක වංචාවක් සිදුව ඇති බවත් ඒ හේතුවෙන් තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත්ය.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ ජෝර්ජියා,විස්කොන්සින්,පෙන්සිල්වෙනියා සහ මිචිගන් යන ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම නැවැත්වීමට අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

2016 වර්ෂයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජය ගත් විස්කොන්සින් හා මිචිගන් ප්‍රාන්ත මෙවර ඔහුගෙන් ගිලිහී යාම ඔහුගේ පසුබෑමට හේතු වී ඇති බවද සඳහන් කරයි.

සමස්ත ඇමරිකානුවන් මිලියන160ක් පමණ මෙවර තම ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර ඉන් 66.9 % තම ඡන්දය ප්‍රකාශ කිරීම 1900 වර්ෂයෙන් වාර්තා වූ ඉහළම අගය බව එක්සත් ජනපද මැතිවරණ ව්‍යපෘතිය පවසා සිටි.

2008 වර්ෂයේ ජනාධිපතිවරණයේ දී බැරක් ඔබාමා විසින් ඡන්ද මිලියන 69ක් ලබා ඇති අතර මෙවර මැතිවරණයෙන් මිලියන 72කට ආසන්න ඡන්දය ප්‍රමාණයක් ජෝ බයිඩ්න් හට ලැබීම විශේෂත්වයකි. මෙතෙක් ඇමරිකානු ඉතිහාසයේ ජානාධිපති අපේක්ෂකයෙක් ලබා ගත් වැඩිම ඡන්දය ප්‍රමාණය ද වන්නේ මෙයයි.

ඇරිසෝනා,ජෝර්ජියා,විස්කෝන්සින් හා පෙන්සිල්වෙනියා ප්‍රාන්තවල ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ පසු 2020 ජනාධිපතිවරයා තේරී පත් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?