දේශීය

මාවනැල්ලේ අලුත විවාහ වූ මානල යුවළකටත් කොරෝනා

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 151 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කෑගල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මාවනැල්ල ප‍්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවලට අවනත නොවී කටයුතු සිදු වී තිබූ අතර එම විවාහ උත්සවයට සහභාගි වු 120කට වැඩි පිරිසක් ද නිරෝධායනයට යොමු කර තිබේ.

මනමාල මහතා කොළඹ පොලිස් ස්ථානයකට අනුයුක්ත පොලිස් නිලධාරියෙක් වන අතර එම මනාල යුවළගේ සිදුකළ PCR පරීක්ෂණයේ දී කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබේ.

මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්යේ 3,031ක් නිරෝධායනය‍ට යොමුකර ඇති බව කෑගල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික‍්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *