දේශීය

සදුදා ඇදිරි නීතිය ඉවතට ?

සදුදා පෙ ව 5 වන විට බස්නාහිර පළාතේ ඇදිරි නීතිය ඉවත් කිරීමට අපේක්ෂා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. රට විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇතැයි ඔහු වැඩිදුරටත් පවසනවා.

දින 10 ක් එක දිගට ඇදිරිනීතිය පනවලා බලාපොරොත්තු වුනේ වැඩිම ජන ඝණත්වයක් සහිත බස්නාහිර පළාතේ එක් අයෙක්ගෙන් තවත් අයෙක්ට කොරෝනා බෝ නොවන තත්ත්වයකට පත් කිරීමට යැයි පැවසූ හමුදාපතිවරයා දිගටම ඇදිරි නීතිය පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා අපේක්ෂා නොකරන බැවින්  එළඹෙන සදුදා දිනයේ ඇදිරි නීතිය ඉවත් කිරීමට වැඩි ඉඩක් ඇතැයි පැවසීය.

ශවේන්ද්‍ර සිල්වා මහතා මේ අදහස් ඉදිරිපත් කළේ අද උදෑසන දෙරණ නාලිකාව හා එක්වෙමිනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *