ක්‍රීඩා

LPL තරගාවලිය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත් වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොරෝනා මර්දන කාර්යය සාධක බලකාය අනුමැතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දී ඇත.

තම උපරිම දායකත්වයෙන් ‌LPL තරගාවලිය ලංකාව තුළ පැවැත් වීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය තරග නිර්දේශ ලබා දෙන බව අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කරන ලදි.

මෙවර සියලු තරග හම්බන්තොට දී හා මහනුවර දී පැවැත්විමට සැලසුම් කර තිබුණ ද, හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පමණක් සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

කොවිඩි වෛරස තත්වය හමුවේ වුවද ලබන 21 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ LPL තරගයේ දින මේ වන විට වෙනස් වී ඇත.තරග පැවැත්වෙන දින සම්බන්ධයෙන් අද දින නිශ්චිත ප්‍රකාශයක් නිිිිිිකුත් කරන බව බළධාරීන් සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?