දේශීය

කොවිඩ් පරීක්ෂණවල දී සත්‍ය තොරතුරු වසන් කළොත් වසර 5ක සිර දඬුවමක්

පවතින කොවිඩ් වෛසර තත්වය හමුවේ PCR පරීක්ෂණවලදී හෝ ආදාල තොරතුරු සටහන් කිරීමේ දී සත්‍ය තොරතුරු සගවා අසත්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයන් හට වසර 5ක සිරදඬුවමක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් සඳහන් කර ඇත.

පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එවන් පුද්ගලයෙක් තම සත්‍ය තොරතුරු වසන් කර වෙනත් පුද්ගලයෙක් ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම යන නීතියට යටතේ වසර 5ක කාලයක් සිරදඬුවම් සහිතව නීතිය ක්‍රියාත්මක කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *