දේශීය

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු 4කට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග – ජනාධිපති කොමිසම

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමට අපහාස කිරීමේ සහ එහි ආධිපත්‍යයට බලපෑම් කිරීමේ චෝදනාව මත සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු 4කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම කොමිසම තීරණය කර ඇත.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලීන් බන්ඩාර, ජේ. සී. අලවතුවල සහ මයන්ත දිසානායක යන මහත්වරුන්ට විරුද්ධව මෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම කොමිසම කටයුතු කර ඇත.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පවසා ඇත්තේ  එම මන්ත්‍රිවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන බවත්ය.

මේ අතර අදාළ මන්ත්‍රිවරු 4දෙනා විසින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරමින් දන්වා ඇත්තේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම මෙරට ස්ථාපිත යුක්තිය පසිඳිලීමේ ක්‍රියාවලියට හා මෙරට ස්වාධීන අධිකරණ පත්ධතියට අභියෝගයක් වන පරිධි කටයුතු කරමින් පවතින බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?