විදේශීය

ඇමරිකාව වහන්නේ නෑ – ඩොනල්ඩ් ට්‍රම්ප්

සිය ධූර කාලය අවසන් වන තුරු ඇමරිකාව අගුලූ දැමීමට ලක් නොකරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් ධවල මන්දීරයේ රෝස උද්‍යානයේ දී පැවති සාකච්චාවකදී ප‍්‍රකාශ කර තිබේ. ජනාධීපතිවරණය පරාජය වීමෙන් පසු ප්‍රථම වතාවට ජනතාව අමතමින් මෙසේ ප්‍රකාශ කර ඇත.

කොවිඩ් වෛරසය හේතුවෙන් මේ වන විට වැඩිම ආසාදිතතයින් පිරිසක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් ය. දෙසැම්බර් මාසයේ ආසාදිතයින් වාර්තාවන අගය සීඝ්‍රයෙන් තවදුරටත් ඉහළ යන බව එරට විචාරකයින් අනතුරු අඟවා අති මෙහොතක ට්‍රම්ප් විසින් මෙලෙස සඳහන් කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව තම සෞඛ්‍ය තත්තවය ගැන නොසිතා කටයුතු කිරීම ඇමරිකාවේ ආසාදිතයින් ඉහළ යාමට බල පෑ සාදකයක් වේ.

සිය ධූර කාලයෙන් පසු වෙනත් පරිපාලනයක් යටතට ඇමරිකාව පත් වුවහොත් රට අගුලූ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත්, එය කාලය විසින් තීරණය කරනු ඇති බවත් ජනපති ට‍්‍රම්ප් පවසයි.

ලබන අප්‍රේල් මාසය වන විට සමස්ත ඇමරිකානු ජනතාවටම,වෛරසයට එරෙහිව එන්නතක් ලබා ගත හැකි බවත් තමන් විශ්වාස කරන බව ජනපති ට‍්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?