දේශීය

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක විශේෂ පණිවිඩයක් නිකුත්කරයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක විසින් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.

එමඟින් ඔහු සඳහන් කරන්නේ ගෝලීය වසංගතයක් ලෙස පවතින කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා සමුද්‍රීය කර්මාන්තයේ සියලුම පාර්ශවයන්  නව අභියෝගයකට මුහුණ දෙමින් සිටින බවයි.එම අභියෝගය ජය ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම වැදගත් බවත් සභාපතිවරයා සඳහන් කරයි.

කුමන තත්ත්වයක වුවත් ශ්‍රී ලංකාව සිය වගකීම් අත්නොහැරිය බවත් වරායේ බොහෝමයක් අංශවල සේවා අඛණ්ඩව සිදු කරන බවත් ඔහු සඳහන් කරන ලදි.එසේම කොවිඩ්  වෛරසය ආසාදනය වූ සේවකයනහට අවශ්‍ය සෞඛ්‍ය සේවා සපයමින් ඔවුන්ගේ සෞඛ්‍යමය සුරක්ෂිතවය ගැන මෙන්ම අනෙකුත් සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන ද අවශ්‍ය පියවර ගත් බව සභාපතිවරයා විසින් පැහැදිලි කරයි.

මෙහෙයුම පද්ධතියේ ක්‍රියා සදහා මෙම තත්ත්වය බල පා ඇති නමුත් එම බාධාව කඩිනමික් විසදා ගැනිමට කටයුතු කර ඇති අතර සියලුම වරායන් වල මෙහෙයුම් හා අනෙකුත් සේවා යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූ බවත් සඳහන් කරයි.

සභාපතිවරයා විසින් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ තව දුරටත් වරාය පරිශ්‍රය තුළ PCR පරීක්ෂණ සිදු කරමින් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සේවා කටයුතු සිදු කරන බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක විසින් නිකුත් කළ පණිවිඩය  පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?