දේශීය

IDH රෝහලෙන් පළාගිය කාන්තාව සොයන්න ජනතා සහය පතයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ IDH රෝහලෙන් පළාගිය කාන්තාව සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගෙන් සහයෝගය ඉල්ලා සිටී.

ඊයේ ( 19 ) රාත්‍රී 9.10ට පමණ එම කාන්තාව වයස අවුරුදු 2ක පමණ දරුවා ද සමග රෝහලෙන් පැන ගොස් තිබුණි.

ඇය විසින් දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ ඥාති නිවසකට භාර දී එතැනින් ද පළාගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇති අතර පොලීසිය විසින් අද (20 ) උදෑසන දරුවා සොයාගෙන නැවත රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

එම 25 හැවිරිදි කාන්තාව මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බව ද පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

ඇය සොයා ගැනීම සඳහා මේ වන විටත් පොලීසිය කටයුතු කරමින් සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?