දේශීය

පීඩන අවපාතය ත්‍රිකුණාමලය වෙරළට කි.මී 370ක් දුරින්

බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 24තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ දැනට එය ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර් 370ක් පමණ දුරින් ස්ථානගතව ඇති බවයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 48තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දයාවේ තම්ල්නාඩු වෙරළ දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ හේතුවෙන් උතුරු පළාතෙත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර උතුරු මැද හා වයඹ පළාත්වලත් , මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලටත් මිලිමීටර් 50ත් 100ත් අතර තද වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ නැගෙනහිර , උතුරු සහ උතුරු මැද පළාත්වල පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

මේ හේතුවෙන් පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත් තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?