ක්‍රීඩා

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම තරගාවලියේ සිය පළමු ජය වාර්තා කරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරගය ඊයේ (30) පැවැත් විය.

මෙම තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ප්‍රථම ජය වාර්තා කිරීමට ඊයේ සමත් විය.

ඒ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 196ක් ලබා ගනිමිනි.

පන්දු 30කින් වාර්තා වූ මෙන්ඩිස්ගේ ඉණිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ඇතුළත්ය.

බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 35කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමග ලකුණු 51ක් හා කුසල් මෙන්ඩිස් පන්දු 30කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 49ක් තම කණ්ඩායමට රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සදකැන්හට කඩුලු 2ක් බිද හෙලීමට හැකි විය.

ජයග්‍රහනය සඳහා ලකුණු 197ක ඉලක්කයක් තිබූ නමුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හැකි වූයේ තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් පමණක් ලබා ගැනීමටයි.

ධනුෂ්ක ගුණතිලක පන්දු 53කදී හයේ පහරක් සහ හතරේ පහර 13ක් සමග ලකුණු 82ක් සිය ඉණිමට එක් කරන ලදි.

ගාලු කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩි පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර සෙසු ක්‍රීඩකයන් රැස් කළ ලකුණු සංඛ්‍යාව ජයග්‍රහනය කරා යාමට එම ලකුණු ප්‍රමාණවත් නොවීය.

පන්දු යැවිමේ දී දිල්රුවන් පෙරේරා,මුනාෆ් පටෙල්, නවීන් උල් හක්, අසේල ගුණරත්න හා සීක්කුගේ ප්‍රසන්න යන අය එක් කඩුල්ල බැගින් බිඳහෙලීමට සමත් විය.

අසේල ගුණරත්න පන්දු යැවීමේ දී නිලකුණු පන්දුවාරයක් ද යොමු කළ අතර, එය මෙවර තරගාවලියේ පළමු නිලකුණු පන්දුවාරය ලෙස සටහන් විය.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නවීන් උල් හක් සහ ගාලු කණ්ඩායමේ මොහොමඩ් අමීර් අතර මෙම තරගයේ දී යම් උණුසුම් වචන හුවමාරුවක් සිදු විය. තරගයෙන් අනතුරුව ශහිඩ් අෆ්රිඩි අතර හා නවීන් උල් හක් අතර වචන හුවමාරුවක් සිදුව ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?