ක්‍රීඩා

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ කළම්බෝ කිංග්ස් කණ්ඩායමට

ඊයේ (11) ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කළම්බෝ කිංග්ස් කණ්ඩායම හා දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර පැවති තරගයෙන් ජය ගැනීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම  සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ කළම්බෝ කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට අවස්ථාව ලබා දුන් අතර එහිදී පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 203ක් ලබා ගැනීමට ඔවුන් සමත් විය.

නිරෝෂන් දික්වැල්ල පන්දු 40ක දී ලකුණු 65ක් හා ඇන්ජෙලෝ පෙරේරා නොදැවී පන්දු 51ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමඟ ලකුණු 74ක් රැස් කරන ලදි.

නායක දසුන් ශානක පන්දු 15ක දී හතරේ පහර 5ක් සමගින් නොදැවි ලකුණු 28ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී කායිස් අහ්මඩ් කඩුලු 2ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් එක් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් විය.

ලකුණු 204ක ජයග්‍රාහී ඉලක්කයක් සමඟ පිටියට පැමිණි කළම්බෝ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18.5ක්  පමණක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරන ලදි.

කායිස් අහ්මඩ් පන්දු 22ක දී හයේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 50ක් රැස් කළේය.

ශාන් ප්‍රියන්ජන් පනදු 28ක දී නොදැවී ලකුණු 47ක් ද තික්ෂිල ද සිල්වා පන්දු 16ක දී ලකුණු 31 රැස් කිරීමට සමත් විය.

ලොරී එවන්ස් පන්දු 24ක දී වේගවත් ලකුණු 53ක් ලබා ගත් අතර, ආබාධයක් හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු විය.

පන්දු යැවීමේ දී සමිත් පටෙල්, මාලින්ද පුෂ්පකුමාර, අන්වර් අලී සහ දසුන් ශානක යන අය එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් විය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විට.

දෙවැනි ස්ථානයේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට සිටින අතර, තෙවැනි ස්ථානය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සිව්වන ස්ථානයේ සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?