Uncategorizedදේශීය

ශ්‍රී ලංකා කේටරින් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රීලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවය කරන සේවකයින් 08 දෙනෙකුට කොවිඩ් වෛරස ආසාදනය වී ඇති බවට අද පෙරවරුවේ තහවුුරු වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සඳහන් කරයි.

පසුගිය සඳුදා මෙම ආයතනයේ එක් පුද්ගලයෙකුට PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහි දී ඔහු වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.

මේ හේතුවෙන් වෛරස ආසාදිත පුද්ගලයා ඇසුු කළ තවත් සාමාජිකයින් 07 දෙනෙකුට ද PCR පරීක්ෂණය සිදුකර අතර එහිදී ඔවුන්ද එම පරීක්ෂණවලින් වෛරස ආසාදිතයින් බවට පත්ව ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව වෛරස ආසාදිත පුද්ගලයින් නිරෝධායන යොමු කර ඇති අතර  අදාළ ආසාදිතයන්ගේ බලපෑමට ලක්වී ඇති අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් ද PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳ සඳහන් නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?