ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 09 ක් ජිවිතක්ශයට
ගතවු පැය 24 තුළ රිය අනතුරු 90ක් සිදු වි ඇති අතර ඉන් පුද්ගලයින් 09 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.
දෙසැම්බර් 20 වන දා සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 74 දෙනෙක් මියගොස් ඇති අතර පුද්ගලයින් 149 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එසේම බීමතින් රිය පැදවූ රියදුරන් 2,045 දෙනෙක් ද එම කාලය තුළ අත්අඩංගුවටගෙන ඇත.
තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 31 දෙනෙකු ද ගතවූ පැය 24 තුළ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
