දේශීයවිදේශීය

ලෝක තෙත් බිම් දිනය අදයි

ලෝක තෙත් බිම් දිනය (World Wetland day) අදට (පෙබරවාරි 02) යෙදී ඇත.

1971 වසරේදී ජගත් තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික සම්මුතියක් සම්මත කිරීමට ඉරානයේ රැම්සා නුවර දී රටවල් 18 ක නියෝජිතයන් රැස්ව ඇත.

මේ වනවිට එම එකඟතාවට රටවල් 100 ඉක්මවූ ප්‍රමාණයක් අත්සන් තබා තිබෙන අතර, ශ්‍රී ලංකාව 1991 වසරේදී මෙම එකඟතාවට අත්සන් තබා තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ රැම්සා තෙත් බිම් 06 ක් මේ වනවිට නම්කර තිබෙන අතර, ශ්‍රී ලංකාවේ තෙත් බිම් කාණ්ඩ තුනක් යටතේ වර්ග කර ඇත.එනම්,

  • අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්

ගංගා, ඇළදොළ, විල්ලු, මිරිදිය වගුරු, වනාන්තර මෙයට ඇතුළත් වේ.

  • කෘත්‍රිම තෙත්බිම්

කුඹුරු, වැව්, ජලාශ මෙයට ඇතුළත් වේ.

  • කරදිය තෙත් බිම්

මෝය, කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ බිම් මෙයට ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ තෙත් බිම් ලෙස නම් කර ඇති ස්ථාන ලෙස,

බූන්දල අභය භූමිය, ආනවිලුන්දාව, මාදු ගඟ, වාන්කැලේ අභය භූමි සහ කුමන, විල්පත්තුව ජාතික වන උද්‍යානයන්ය පෙන්වා දිය හැක.

මෙරට තෙත් බිම් රැක ගැනිම අපි සියලු දෙනාගේ වගකිම බවත්,එය විනාශ කිරිමට දායක වන කවරෙකු වුවුද තරාතිරම නොබලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, පරිසර ආමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?