ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා නව කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (05) පත්කරන ඇත.

මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස

  • අරවින්ද ද සිල්වා මහතා – සභාපති
  • රොෂාන් මහානාම – සාමාජික
  • මුත්තයියා මුරලිදරන් – සාමාජික
  • සහ කුමාර් සංගක්කාර – සාමාජික

යන පිරිස පත්කර තිබේ.

අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබාදීම මෙම කමිටුවේ මූලික කාර්යභාරය වේ.

මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම අවශ්‍ය මග පෙන්වීම බවද සඳහන් වේ.

ඒසේම මෙම කමිටු සාමාජිකයින්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක තාක්ෂණික උපදේශක කමිටුව වෙතද යොදාගන්නා ලෙස අමාත්‍යවරයා විසින් යෝජනාකර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?