දේශීය

මහනුවර උඩුවෙල මාර්ගයේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

මහනුවර පොලිස් වසමේ උඩුවෙල මාර්ගයේ දී දෙපිරිසක් අතර සිදුවු ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකුට පහර දී ධාවනය වන බස් රථයකට තල්ලු කර තරුණයෙක්ව ඝාතනය කර තිබේ.

ත්‍රිරෝද රථයකින් හා වෑන් රථයකින් මාර්ගයේ ගමන් ගත් දෙපිරිසක් අතර එම ආරවුල ආරම්භ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඊයේ (26) සවස 5.30ට පමණ එය සිදුව ඇති අතර ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස වෑන් රථයේ ගමන් කළ 24 හැවිරිදි තරුණයෙක් මෙලෙස මහනුවර සිට උඩුවෙල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයකට තල්ලු කර ඝාතනය කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

මේ සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (27) දින සිදු කිරීමට නියමිතය.

එම අපරාධයට හේතුව පුද්ගලයින් බීමතින් කටයුතු කිරීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?