දේශීය

අල්ලස් ගත් පුද්ගලයින් 14 ක් අත්අඩංගුවට

මෙම වසරේ ගතවු කාලසීමාව තුළ අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකය පවසයි.

සාර්ථක වැටලීම් 13කදී මෙම පිරිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

කෙසේවෙතත් පසුගිය වසරේ මෙම කාලසීමාව තුළ සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් පිරිසට වඩා වැඩි සංඛ්‍යාවක් මෙම වසරේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද පෙන්වා දෙයි.

අල්ලස් හෝ දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා තවදුරටත් පුළුල්ව මෙම වැටලීම් ක්‍රියාත්මක කරන බව ද අල්ලස් කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.

මේ අතර ඊයේ (03) දිනයේදී ද අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ වරදක් සම්බන්ධයෙන් මහරගම පොලීසිය භාරයේ තිබූ මෝටර් රථයක් අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සඳහා මෙම සැරයන්වරයා රුපියල් 20,000ක මුදලක් ඉල්ලා ඇති අතර එය ලබාගන්නා අවස්ථාවේදී කොමිසමේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?