දේශීය

බීමත් පා පැදිකරුට රු.100ක දඩයක්

මහා මාර්ගයේ අනෙකුත් රථ වාහනවලට සහ පදිකයන්ට හිරිහැරයක් වන අන්දමින් බීමත්ව පා පැදියක් පැදවූ වරදකරුවෙකුට මිනුවන්ගොඩ අධිකරණය අද (16) රුපියල් 100ක දඩයක් නියම කර තිබේ.

කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක සේවය කරන රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට මෙලෙස දඩ නියම කර තිබේ.

කටුනායක පොලීසිය කෝවින්න ප්‍රදේශයේ වාහන පරීක්ෂා කරමින් සිට ඇති අතර අපරික්ෂාකාරි ලෙස පා පැදියක් පදවා ගෙන යමින් සිටියදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සිදු කරන ලද ශ්වසන නල පරික්ෂණයේදි පා පැදිකරු බීමත්ව සිටින බවට අනාවරණය වී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?