ක්‍රීඩා

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතාවය ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට

ඊයේ (21) පැවති රෝඩ් සේෆ්ටි (Road Safety) ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ, අවසන් මහා තරගයේ ශුරතාවය දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය. ඒ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරමින් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක සචින් තෙන්ඩුල්කාර් හා විරේන්ද්‍ර ශෙවාග් පළමුව පන්දුවට පහර දෙන ලදි.

එහිදී ශෙවාග් ලකුණු 10කට දැවී ගිය අතර රංගන හේරත් විසින් ම කඩුලල් තමන් සතු කර ගත්තේය.

ඉන්දීය ලෙජන්ඩ්ස් මුල් පෙල කඩුලු 2 ලකුණු 35කදී බිඳ වැටුණු අතර ඉන් පසුව  කණ්ඩායමේ නායක සචින් තෙන්ඩුල්කාර් සමග යුවරාජ් සිං පිටියට පිවිසිය.

තෙන්ඩුල්කාර් ලකුණු 30 ක් ද යුවරාජ් සිං පන්දු 41කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 60ක් රැස් කළේය.

යූසුෆ් පතාන් පන්දු 36කදී නොදැවී ලකුණු 62ක් රැස් කළේය.

පන්දු යවමින් රංගන හේරත්, සනත් ජයසූරිය, ෆර්වීස් මහරුෆ් සහ කෞෂල්‍ය වීරරත්න එක් කඩුල්ල බැගින් තමන් සතු කර ගත්තේය.

ඒ අනුව, ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු සංඛ්‍යාව 181 ක් රැස් කරන ලදි.

ලකුණු 182 ජයග්‍රහී ඉලක්කයක් සමග පිටියට පැමිණි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය පිළිතුරු ඉනිම ආරම්භ කළේය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ පළමු කඩුල්ලට නායක ටී.එම් ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගුවේය.

එහිදී ඩිල්ෂාන් ලකුණු 21ක් ද සනත් ජයසූරිය පන්දු 35කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 43ක් ලබා ගැනීමට සමත් විය.

චින්තක ජයසිංහ ලකුණු 40ක් ලබාගත් අතර කෞෂල්‍ය වීරරත්න ලකුණු 38ක් ලබා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැනිවූයේ නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 167ක් ලබා ගැනීමට පමණි.

ටී.එම්. ඩිල්ෂාන්ට තරගාවලියේ වීරයා සම්මානය හිමිවිය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?