දේශීය

නබිතුමන්ගේ ඡන්ම දිනය අදයි

ඉස්ලාමීය ආගමික නායකවරයා ලෙස සැලකෙන මුහම්මද් නබිතුමාගේ උපන් දිනය අදට (19) යෙදී තිබේ.

මුහම්මද් නබිතුමා ක්‍රි.ව.571 දී මක්කම නගරයේ දී අබ්දුල්ලා සහ ආමිනා යන දෙදෙනා දාව උපත ලබා ඇති බව සඳහන් වේ.

ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් ඉතා ගෞරවයෙන් ස්මරණය කරන නබි තුමාගෙ ජන්ම දිනය වෙනුවෙන් ජනපති හා අගමැතිවරයා සිය නිවේදනයන් නිකුත් කර තිබේ.

සියලු දෙනාට විශ්වාස කළ හැකි පුද්ගලයෙකු වීම සඳහා අවශ්‍ය කරුණාව හා අවංකභාවය මුහම්ම්මද් නබිතුමාගේ චරිතය ඇසුරෙන් අවබෝධ කරගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල පණිවිඩය හරහා නිවේදනය කර ඇත.

මේ අතර අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් දුෂ්කර කාලවකවානුව ජය ගැනීම උදෙසා නබි නායකතුමාගේ ජීවිත ආදර්ශය තම තමාගේ ජීවිතවලට ඇසුරු කර ගන්නා ලෙසයි.

මුහම්මද් නබිනායකතුමා එවකට පැවැති සමාජයේ විෂමතාවයන්ට එරෙහිව බුද්ධිමත් විප්ලවයකින් ඇති නැති පරතරය නැති කර සමානාත්මතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළ ශාස්තෘවරයෙකු බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අදට යෙදෙන මුහම්මද් නබිතුමන්ගේ ඡන්ම දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කර තිබේ.

නබි නායකතුමන්ගේ ඉගැන්වීම් තුළින් ස්වකීය ජීවිත පැවැත්ම යහපත් කොටගෙන කටයුතු කරන සකල ඉස්ලාම් බැතිමතුන්ට තමන් සුභාශිංසන එක් කරන බව විපක්ෂනායකවරයා සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?