අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ජය

අයර්ලන්තය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (20) පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම පන්දු රැකීමට තීරණය කරමින් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කරන ලදි.

එහිදී වනිඳු හසරංග පන්දු 47ක දී ලකුණු 71ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඇතුළුු විය.

පැතුම් නිස්සංක ලකුණු ගණන 61ක් රැස් කළේය.

අයර්ලන්ත කණ්ඩායම වෙනු‍වෙන් පන්දු යැවීමේදී ජෝෂ් ලිට්ල් කඩුලු 4ක් ද මාර්ක් ඇඩෙයාර් කඩුලු 2ක් ද දවා ගත්තේය.

ජයග්‍රහනය සඳහා ලකුණු 172ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට හැකි වූයේ පන්දුවාර 18 පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 101ක් රැස් කිරීමට පමණි.

එහිදී නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 41ක් ද කර්ටිස් කැම්පර් ලකුණු 24ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනු‍වෙන් පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවාගත් අතර ළහිරු කුමාර කඩුලු 2ක් දවා ගත්තේය.

ඒ අනුව පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ඊයේ (20) පැවති තරගයේ දී ලකුණු 70කින් අයර්ලන්තය කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *