ක්‍රීඩා

පකිස්ථානයට විශිෂ්ට ජයක්

ඉන්දියාව සහ පකිස්ථානය අතර ඊයේ (24) පැවැති තරගයෙන් ජයගැනීමට පකිස්ථාන කණ්ඩායමට හැකි විය.

තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට අවස්ථාව දෙන ලදි.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 151ක් රැස් කළේය.

එහිදී නායක විරාත් කෝලි ලකුණු 57ක් ද රිෂාබ් පාන්ට් 39ක් රැස් කළේය.

පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෂහීන් ෂා අෆ්රිඩි කඩුලු 3ක් දවාගත් අතර හසන් අලි කඩුලු 2ක් දවා ගත්තේය.

ජයග්‍රහනය සඳහා ලකුණු 152ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පකිස්ථානය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් තුළ සිය ජයග්‍රහනය වාර්තා කළේය.

එහිදී නායක බාබර් අසාම් නොදැවී ලකුණු 68ක් ද මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 78ක් රැස් කරන ලදි.

ඒ අනුව ඉන්දියාවට එරෙහිව පකිස්ථානය ඓතිහාසික ජයක් වාර්තා කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *