ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානයට දැවැන්ත ජයක්

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ(25) පැවැති තරගයෙන් ස්කොට්ලන්ත කණ්ඩායම පරාජය කර දැවැන්ත ජයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 190ක් රැස් කරන ලදි.

එහිදී නජිබුල්ලා සඩ්රන් පන්දු 34 කදී ලකුණු 59ක් වාර්තා කළේය.

ලකුණු 19ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායමට හැකි වූයේ පන්දුවාර 10යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 60ක් රැස් කිරීමට පමණි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මුජිබ් උර් රහමන් ලකුණු 20කට කඩුලු 05ක් දවාගත් අතර රෂීඩ් ඛාන් ලකුණු 09කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 130කින් පරාජයට පත් කරමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ජය වාර්තා කළේය.

මේ අතර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයට අදාළව දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (26) පැවැත්වීමට නියමිත වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?