Latestදේශීය

හෙට ජාතික විරෝධතා දිනයක් – ඉදිරියේ උද්ඝෝෂණ රැසක්

2020 වසරේ උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 53 000ම සැප්තැම්බර් මස 03 දිනට වනසේ කඩිනමින් ස්ථීර කරන ලෙස රජයට බලකරමින් හෙට (09) ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසනවා.

තව ද ගුරු සේවයට බඳවා ගන්නා වයස් සීමාව ඉහළ දැමිය යුතු බවත්, පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ චක්‍රලේඛ නොසලකා ගැබිණි හා කිරිදෙන දරුවන් ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් සේවයක කැදවීම වහාම නවතා දැමිය යුතු බවත් එම මධ්‍යස්ථානය පවසනවා.

බඳවාගන්නා ලද අභ්‍යාසලාභී උපාධිධාරීන් මේ වන විට මාස 14ක් ගෙවී ගියද තවමත් ස්ථීර නොකර රුපියල් 20 000.00 දීමනාවක් පමණක් ලබා දෙමින් අසාධාරණයට ලක් කර ඇති බැවින් වහාම රජය මැදිහත්වී මෙම ගැටලුව නිරාකරණය කළ යුතු බව පවසන ඒකාබද්ධ සංවර්ධන නිළධාරී මධ්‍යස්ථානය රජයේ ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට දැනටමත් තීරණය කර අවසන් බව පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ ආණ්ඩුව පාර්ෂවයෙන් පිළිගත හැකි සාධාරණ විසදුම් නොලැබුන හොත් ඉදිරියේදී උද්ඝෝෂණ මාලාවක් දියත් කර තම ඉල්ලීම් දිනාගැනීමට අඛන්ඩව අරගල කරන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?