ක්‍රීඩා

LPL ක්‍රීඩක වෙන්දේසිය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (09) සිදු කෙරුණි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින්නේ ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ටාර්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි වොරියර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම් වේ.

එහිදී තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහේ ප්‍රධාන දේශීය ක්‍රීඩකයින් ලෙස

  • ජැෆ්නා කිංග්ස් – තිසර පෙරේරා
  • ගෝල් ග්ලැඩියේටර්ස් – ඉසුරු උදාන
  • දඹුල්ල ජයන්ට්ස් – දසුන් ශානක
  • කලම්බු ස්ටාර්ස් – දුෂ්මන්ත චමීර
  • කැන්ඩි වොරියර්ස්  – චරිත් අසලංක

යන ක්‍රීඩකයින් තෝරා ගැණුණි.

එසේම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහේ ප්‍රධාන විදේශීය ක්‍රීඩකයින් ලෙස

  • ජැෆ්නා කිංග්ස් – ෆෆ් ඩුප්ලෙසීස්
  • ගෝල් ග්ලැඩියේටර්ස් – මොහොමඩ් හෆීස්
  • දඹුල්ල ජයන්ට්ස් – ඉම්රාන් තාහීර්
  • කලම්බු ස්ටාර්ස් – ක්‍රිස් ගේල්
  • කැන්ඩි වොරියර්ස්  – රෝමන් පවෙල්

යන ක්‍රීඩකයින් තෝරා ගැණුණි.

මීට අමතරව තබ්රේස් ශම්සි, මොහොමඩ් අමීර්, රයිලි රූසෝ, ෂොයිබ් මලික්, නජිබුල්ලා සද්‍රාන්, සෆ්රාස් අහමඩ් සහ වහාබ් රියාස් ඇතුළු තවත් විදෙස් ක්‍රීඩකයින් රැසක් ද මෙවර තරගාවලිය සඳහා එක් වීමට නියමිත වේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී සහ හම්බන්තොට දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?