ක්‍රීඩා

එංගලන්තය පරදා නවසීලන්තය T20 අවසන් මහා තරග බිමට

විස්සයි ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (10) සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් රැස් කළේය.

එහිදී එංගලන්තය වෙනුවෙන් ඩේවිඩ් මාලන් ලකුණු 41ක් ද මොයින් අලි නොදැවී ලකුණු 51ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී ටිම් සවුති, ඇඩම් ම්ලාන්, ඉෂ් සෝදි සහ ජේම්ස් නීෂම් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ජයග්‍රහනය සඳහා ලකුණු 167ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී සිය ජයග්‍රහණය හඹා ගියේ ය.

එහිදී නවසීලන්ත වෙනුවෙන් ඩෙවොන් කොන්වේ ලකුණු 46ක් ද ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 73ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහ ලියම් ලිවිංස්ටන් කඩුලු දෙක බැගින් දවා ගත්හ.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගයට තේරී පත් විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?