දේශීය

රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව යටතේ

රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලබන වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු විශාල පිරිසක් රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීම සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව තමන් පදිංචි ප්‍රදේශයේදීම රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට අයැදුම්කරුවන්ට අවස්ථාව හිමිවනු ඇත.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දෛනික සේවා ලබා ගැනීම සඳහා තවදුරටත් කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගත යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කෙසේ වෙතත් මීට පෙර නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවලින් සේවා ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම සඳහා වෙන් වූ 0112 677 877 දුරකතන අංකය භාවිතයෙන් ඉවත් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව තමා අයත් ප්‍රදේශය තුළම රියදුරු බලපත්‍ර ලබාගැනිමේ ලිඛිත පරික්ෂණ වලට සහභාගීවිමේ අවස්ථාව ඉල්ලුම්කරුවන්ට හිමිවනු ඇත.

මේ අතර ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර අලෙවි කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු ආදුරුප්පුවිදීය, වත්තල සහ දෙහිවල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

රියදුරු බලපත්‍රවල මුද්‍රණ මකාදමා ව්‍යාජ රියදුරු බලපත්‍ර ඉල්ලුම්කරන පුද්ගලයින්ගේ තොරතුරු ඊට ඇතුළත් කර එක් බලපත්‍රයක් රුපියල් 13,000ක මුදලකට අලෙවි කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අකාරයට මේ දක්වා ව්‍යාජ රියදුරු බලපත්‍ර 1,000ක් පමණ සකස් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?