Latestදේශීය

සර් ෆේල් නිසා ඔක්කොම ජනාධිපති – කුමාර වෙල්ගම

දැන් ආන්ඩුවට සියලුදෙනා ශාප කරමින් ඇති බවත්, අත් උසවා කරන ශාප රටින් පිට සිටියත් අනිවාර්යයෙන්ම බලපාන බවත් කුමාර වෙල්ගම මහතා පවසනවා. පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

තවද පාස්කු බෝම්බ ප්‍රහාරය කැරකිලා ආන්ඩුවට පැමිණ ඇති බවත්, වත්මන් රජය පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කළ අයට පඩි ලබා දුන් බවත් වෙල්ගම මහතා පවසනවා.

ජනාධිපතිවරයාට පිස්සු කියන්න ජනතාව නොබියව ඉදිරිපත් වී ඇති බවත් අනාගත පරපුර ගැන සිතා දැන්වත් කටයුතු කළ යුතු බවත් අවධාරණය කරන වෙල්ගම මහතා ආන්ඩුවේ ක්‍රියාකලාප නිසා අනුර කුමාර දිසානායක මහතාට ලොකු ජනප්‍රසාදයක් ඇතිවී තිබෙන බවත් පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා,

දැන් බලන්න කී දෙනෙක් මේ ආන්ඩුවට ශාප කරනවා ද?  මේ ආන්ඩුවට විරුද්ධව අත් දෙක උස්සලා මේ ආන්ඩුවට ශාප කරනවා ද? දැන් බලන්න පොහොර නෑ. යූරියා නෑ. අද යූරියා කොට්ටයක් රුපියල් දහදාහයි.

අර පාස්කු ප්‍රහාරය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. අද ඒ පාස්කු ප්‍රහාරය තමයි මේ කැරකිලා එන්නේ. මේවා මේ නීතියෙන් බේරෙයි. නීතියෙන් බේරුනාට දෙවියන් වහන්සේගෙන් බේරෙන්නත් බැහැ. විශ්වයෙන් බේරෙන්නත් බැහැ. උන්ට දඩුවම් හම්බවෙනවා. ඒක තමයි මේ ආන්ඩුවට පිස්සු හැදිලා තියෙන්නේ. මේ ආන්ඩුවට පිස්සු.

මිනිස්සුන්ගෙන් ඇහුවොත් බය නැතුව කියනවා පිස්සෙක් කියලා.

ජේ ආජ් ජයවර්ධන මහත්තයාට පිස්සා කිවුවා ද? චන්ද්‍රිකා නෝනාට පිස්සා කිවුව ද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ  පලවෙනි කාලේ 2005-2010 පිස්සා කිවුව ද? නෑ. දැන් මිනිස්සු බය නැතුව කියනවා. මුන්ට පිස්සු. ඒ ඇවිල්ලා පාස්කු ප්‍රහාරයේ ඒ කරපු වැරදි. ඒ කරපු දේවල්.

අපි පඩි ගෙවුවේ නෑ නේ ඔය මරපු උන්ට. ඔය බෝම්බ ගහපු එවුන්ට අපි පඩි ගෙවුවේ නැහැ. ඒක ෆොන්සේකා මහත්තයා නිතරම කියනවා. පඩි ගෙවුවේ මේ ආන්ඩුවෙන් ගෙවුවේ. හරියට නිකං අර ඥානසාර හාමුදුරුවෝ දාගෙන වගේ.

සමාවෙන්න මෙහෙම කිවුවට. සිවුරක් දා ගත්තට මට කරන්න දෙයක් නැහැ. ත්‍රස්තවාදී නායකයෙක් කියලා ඇමරිකාවේ හංවඩුගැහිලා. ඒවගේ එක්කෙනෙක්ව දාගන්නවා මේ කොමිටියක සභාපතිට. පිස්සු නෙමෙයි ද?

මං කිවුවා එදා ඒ දාන්න යනකොට, නම් කරනකොට, දාන්න එපා එයාව. මොකද එයාට කරන්න බැහැ. එයා ප්‍රාදේශීය සභාවක වත් ඉදලා නැහැ. අනිත් එක එයා දන්නේ නැහැ රටක් පාලනය කරන්න. එයා දන්නේ හමුදාවෙ, හමුදාවේ කොටසක් පුළුවන්. එයාට හමුදාවේ‌ කොටසක් පුළුවන්. ඔක්කොම නෙමෙයි.ඊට පස්සේ ඇමරිකාවේ ගියානේ.  එයාට වැඩිය හොද ශ්‍රේෂ්ඨ ඇමතිවරු ඉන්නවනේ මේකෙ. එහේ පෙට්‍රල් ශෙඩ් එකේ කම්පියුටර් ගහනකොට මෙහේ හොදට ඇමතිකම් කරපු ඇමතිවරු මෙතන ඉන්නවා. අද ඒ එකෙකුටවත් තැනක් තියෙනවා ද?

මං කිවුවා මහින්ද මහත්තයාට එදා, මෙයාව දාන්න එපා. ජ්‍යෙෂ්ඨත්වයට දෙන්න. ඇයි ඔයාගේ තාත්තා බන්ඩාරනායක මහත්තයත් එක්ක එහා පැත්තට ගියේ. ඒ ගියේ ඩී එස් සේනානායක මහත්තයා මැරෙන කොට ඊලගට ජ්‍යෙෂ්ඨත්වය තිබුනේ බන්ඩාරනායක මහත්තයාට. එයාට දුන්නෑ.

ඊට පල්ලෙහා හිටපු ඩඩ්ලි සේනානායක මහත්තයාට දුන්නා එදා හිටපු ආන්ඩුකාරවරයා. ඒක හින්දා තමයි බන්ඩාරනායක මහත්තයා ගිහිල්ලා විපක්ෂයේ වාඩි වුනේ. සෞඛ්‍ය, පලාත්පාලන ඇමතිකම් දෙකම දාලා. ඒ යනකොට ඩී ඒ රාජපක්ෂ මහත්තයත් ඒ පැත්තට ගියා. ඒ ජ්‍යෙෂ්ඨත්වයට දෙන්න එපැයි.

මං කිවුවා එහෙමනං ජ්‍යෙෂ්ඨත්වයට දෙනවනං දෙන් දිනේෂ් ගුණවර්ධන මහත්තයාට. අහන්න මං කිවුවා ද නැද්ද කියලා. ඔබතුමා කියන්න. මෙතනදී කියන්න මං කිවුවා ද නැද්ද කියලා. ඔබතුමා කොන්ද කෙලින් තියාගෙන කියන්න මං කිවුවා ද නැද්ද කියලා. මෙතුමාට අත්දැකීම් තියෙනවානේ. මෙතුමාට පිස්සු නෑ. බොරලුගොඩ සිංහයාගේ පුතා. ඒ ආභාෂය තියෙනවා. තවත් ඉන්නවා මුණුපුරෙක් එහා පැත්තේ.

කිවුවා මේක අපේ පවුලේ ප්‍රශ්ණයක්. කෙලවෙලා ගියානේ දැන් පවුලේ ප්‍රශ්ණය.

දින 52දී අගමැතිකම ගන්න. ජී එල් පීරිස් මහත්තයාලගෙ ගෙදර තිබුනා රැස්වීමක්. සිරිසේන මහත්තයා දෙනවා අගමැතිකම. චමල් රාජපක්ෂ මහත්තයා නැගිටලා කිවුවා  ගන්න එපා කියලා. මං නැගිටලා කිවුවා ගන්න එපා කියලා. අනිත් ඔක්කොම කිවුවා ගන්න කියලා. මොකද කිවුවේ. නෑ නෑ නෑ. අනිත් ඔක්කොම කැමතියි.  මං අගමැතිකම අරගෙන පෙන්නන්නම්.

මං කිවුවා සර් අපිට ඉන්නේ 53යි. මාත් එක්කම. මං එහාපැත්තට ගියොත් 52යි. කොහොමද කරන්නේ. නෑ නෑ මමනේ ඒක කරලා පෙන්නන්නේ. සුප්‍රිම්කෝට් උසාවියේ තීන්දුව ආවා. කෙළවෙලා ගියා. මෙතන ගහගත්ත කාලගෝට්ටිය හැමදාම පෙන්නනවා. හැමදාම මුළු ලෝකෙම පෙන්නනවා මෙතන ගහගත්ත එක. සරම් උඩගිය එක. මහින්දානන්දට වැදිච්ච ඒවා. ඔක්කොම පෙන්නනවා. ලැජ්ජාවේ බැහැ. මිරිස්කුඩු ගහගත්ත ඒවා. අර කතානායකගේ පුටු හොරකං කරපු ඒවා. මේවා විලි ලැජ්ජාවේ බැහැ.

මං කියපු දේ ඇහුවා නං එදා. මට හොදට අනාවැකි කියන්න පුලුවන්. ඒක මොකද මං අවරුදු 40ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පල්ලෙහා තණකොල ගහේ ඉදලා ආපු මිනිහෙක්. හොදට අනාවැකි කියන්න පුලුවන්.

මේ බන්දුල ගුණවර්ධන මහත්තයා බලන් හිටියා මුදල් ඇමතිකම ගන්න. මේක තමයි ඇත්ත. අපි එතකොට විපක්ෂයේ අර එළියේ ඉදං ඔක්කොම කිවුවා බන්දුල ඔයා තමයි මුදල් ඇමති කියලා. මං කිවුවා බන්දුලට මේ ඔයාට ජීවිතේට ඔය මුදල් ඇමතිකම හම්බවෙන්නේ නෑ කියලා. ඒක යන්නේ රාජපක්ෂ කෙනෙකුට. රාජපක්ෂලාට පිටින් මෙහා ඔයාට හම්බවෙන්‌නේ නැහැ. ඔයාට වෙළද හරි මොකක් හරි කට්ටක් හම්බවෙයි.

පස්සේ මහින්ද මහත්තයා හෝමගම රැස්වීමෙදි නැගලා කිවුවා කුමාර් වෙල්ගම මාව බේරගත්තා, මට ඉස්සර කුමාර් වෙල්ගම කිවුවා කිවුවා බන්දුලට මුදල් ඇමතිකම හම්බවෙන්නේ නැහැ කියලා. ඒක හින්දා මං බේරුනයි කිවුවා, හරි. මේ ඇත්ත. මේගොල්ලන්ගේ ඔක්කොම පැටිකිරිය මමනේ දන්නේ.

මමයි දිනේෂ් ගුණවර්ධන මහත්තයයි තව එක්කෙනෙකුයි අපි රැස්වීමක් දාගත්තා, එස් බී ත් ආවා. පළවෙනි අපි පැරදිච්ච හැටියෙම. අපි දාගත්තා හෙට කරන වැඩ පිළිවෙල. හෙට බලනකොට නෑ නේ. එස් බී මහත්තයා ගිහිල්ලානේ ආන්ඩුවට. අපි තුන්දෙනා උඩ බලාගෙන ඉන්නවා එස් බී එනකං.

මං කියන්නේ මෙතනදී හොද වැඩපිළිවෙලක් එක්ක යන්න. අපි මේ සෙල්ලං කරන්නේ දරුවන්ගේ අනාගතයත් එක්ක.

දැන් සර් ෆේල් නිසා ඔක්කොම ගිහිල්ලා කියන්නේ මමයි ජනාධිපති කියලා.

වෙල්ගම මන්ත්‍රීවරයා කළ සම්පූර්ණ කතාව පහත සබැදියෙන්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?