දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ද ඉල්ලා සිටී.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ උතුරු, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශවල හෙට (02) ප.ව. 4.00 දක්වා ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවට දැනුම්දෙයි.

දකුණු තායිලන්ත මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර එය හෙට දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම පීඩන අවපාතය ගිණිකොණ සහ මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගත විය හැකි බැවින් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි වෙයි.

මෙම අඩුපීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් එළඹෙන 4 වන දා වනවිට ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ඇතුළු වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?