දේශීය

උඩරට මැණිකේ යළි ගමන් අරඹයි

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය ලබන සඳුදා (06) සිට යළි ධාවනය කිරිමට තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ කොටුවෙන් උදෑසන 8.30 ට සහ බදුල්ලෙන් සවස 5.45 ට දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කොටුව – බදුල්ල උඩරට මැණිකේ දුම්රිය ධාවනය කිරිම පසුගිය කාලයේ තාවකාලිකව අත්හිටුවා තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?