දේශීය

පැයේ විදුලිය කප්පාදුව අදින් අවසන්

දිවයිනේ කිසිදු ප්‍රදේශයක අද (10) සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පසුගියදා අක්‍රිය වූ නොරොච්චෝලේ 2 වැනි සහ 3වැනි විදුලි උත්පාදනාගාර නැවතත් සුපුරුදු පරිදි ජාතික විදුලි පද්ධතියට එක්කර තිබේ.

නොරොච්චෝලේ බලාගාරය සිදු වූ බිඳ වැටීම් හේතුවෙන් පසුගිය 04 වනදා සිට සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක උපරිමයකට යටත්ව විදුලි සැපයීම අත්හිටුවන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?