දේශීය

තවත් ගෑස් නෞකාවක් කොළඹට

ගෑස් මෙට්‍රික් ටොන් දෙදහසකට අධික තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී ඇති බව, පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

එම නෞකාවේ ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබා ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේය.

එම සාම්පල පරීක්ෂා කිරීම සඳහා ආයතන දෙකකට යොමු කර තිබෙන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර මෙරටට ළඟා වූ ගෑස් නෞකාවක, මර්කැප්ටන් රසායනිකය නිසි ප්‍රමිතියට අන්තර්ගත නොවීම හේතුවෙන්, එම ගෑස් තොගය වෙළඳපොළට මුදා හැරීම අත්හිටුවීමට පාරිභෝගික කටුයතු අධිකාරිය ඊයේ (15) පියවර ගෙන තිබුණි.

පවතින තත්ත්වයත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් පවතින බව ද පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?