Latestදේශීය

ෂාෆි යලි සේවයේ – විරුද්ධ මත ?

කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්. එස්. එම්. ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව පසුගිය 16 වන දා සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දුන්නා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටිය දී වෛද්‍ය ෂාෆි ශාබ්දීන් මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන් වෛද්‍ය ෂාෆි මහතා 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංය පියවර ගෙන තිබුණා.

ආණ්ඩු පෙරලියකට තීරණාත්මක සාධකයක් වූ ෂාෆි ශාබ්දීන් මහතාගේ සිදුවීම පිළිබඳව එවකට චෝදනා එල්ල කළ පාර්ෂව අද තම හඩ බාල කර තිබීම සහ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම විශේෂත්වයක්.

මේ අතර ගෙවුනු දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඵල වුණු විවිධ අදහස් උපුටා දක්වමින් Taprobane TV යූ ටියුබ් නාලිකාව වැඩි අවධානයක් යොමු කර තිබුණේ වද සැත්කම් චෝදනා යටතේ නඩු පවරන ලද ෂාෆි ශාබ්දීන් වෛද්‍යවරයා යලි සේවයේ පිහිටුවීම සහ මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පාර්ෂවය මේ වන විට පත්ව ඇති තත්වය පිළිබඳව හෙළිදරව් කිරීමටයි.

එම යූ ටියුබ් වැඩසටහන පහත සබැදියෙන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?