දේශීය

පොදු ස්ථානවලට යෑමට එන්නත් කාඩ්පත අනිවාර්යය කෙරේ

ලබන වසරේ සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට ඊට අදාළ නීති උපදෙස් ද ලබාගෙන ඇති බවයි.

ඒ අනුව එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් වෙනුවෙන් විශේෂ කේත අංකයක් ද සහිතව යෙදවුමක් නිර්මාණය කරනු ඇත.

මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සිනමා ශාලාවක් වැනි ස්ථානයක් තුළ සිටින අයෙකු එන්නත් කාඩ්පත නොමැතිව ඇතුළු වී ඇත්නම් එහි වගකීම කළමනාකාරීත්වය භාරගත යුතු බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එන්නත් නොගෙන සිටීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති නමුත් අන් අයගේ ජීවිත අවදානමට ලක් කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවයි.

මේ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බූස්ටර් එන්නත ලබා ගැනීමේ අඩුවක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේය.

විශේඥ වෛද්‍යවරයා පැවසුවේ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතව රෝගය දරුණු අතට හැරීමේ සහ රෝහල්ගත වීමේ අවශ්‍යතාව 80% අඩුකර ගත හැකි බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?