දේශීය

ග්‍රෙගරි වැව හිස් කෙරේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බව ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන් කියා සිටියි.

නුවරඑළිය මහ නගර සභාව විසින් පාලනය කරනු ලබන ග්‍රෙගරි වැවේ ඉවුරේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිම ඇතුළු ග්‍රෙගරි වැව සංවර්ධන කරන බව පවසමින් නුවරඑළිය මහ නගර සභාව විසින් (22) දින සිට වැවේහි ජලය හිස් කිරිමට පියවර ගෙන ඇති බවයි එම සංගමයේ සමාජිකයන් සඳහන් කළේ.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මාස කිහිපයක් තිස්සේ නුවරඑළිය සංචාරකයන් නොපැමිණිම නිසා තමන් කල රැකියාවෙන් තාවකාලිකව ඉවත් වි සිටි බවත් 2021 නොවැම්බර් මස සිට සංචාරකයන් නුවරඑළියට පැමිණිමත් සමග සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුව යලිත් බෝට්ටු සේවාව පවත්වාගෙන යන අතරතුර වැවේහි ජලය හිස් කිරිමට නුවරඑළිය මහ නගර සභාව කටයුතු කර ඇති බවත් එම සංගමයේ සමාජිකයන් කියා සිටියේ ය.

මේ දිනවල නුවරඑළිය විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණෙන අතර එම සංචාරකයන්ට පවත්නා තත්ත්වය මත ග්‍රෙගරි වැවේහි විනෝද විමට අවස්ථාවක් නොලැබිම තුලින් එම කාර්මාන්තයේ යෙදි සිටි සමාජිකයන් 175 දෙනෙකු පමණ දැඩි පිඩාවට පත් වි සිටින බවයි නුවරඑළිය ග්‍රෙගරි වැවේහි සංචාරක බෝට්ටු සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ.

නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නාගරික මන්ත්‍රි මහින්ද දොඩම්පේගමගේ මහතා අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ නුවරඑළියේ ග්‍රෙගරි වැවේ සංවර්ධන කටයුතු සිදු නොකිරිම නිසා මේ වන විට වැවේහි රොන්මඩ තැන්පත් වි ජපන් ජබර පැළැටි ජලාශය ආක්‍රමණය කර ඇති බවයි.

නගර සභාව විසින් සිදු කරන සංවර්ධන කටයුත්ත නත්තල් සමය අවසන් විමෙන් පසු සිදු කල යුතු අතර එම සංවර්ධන කටයුත්ත මේ දිනවල සිදු කිරිම නිසා නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ග්‍රෙගරි වැව පරිශයට ගොස් සතුටු විමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?