Latestදේශීය

අප්‍රේල් මැයි වන විට බල පෙරළියක් – විජේදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තමන් දරන මතය කිසිසේත්ම වැරදි නැති බවත්, පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් 75%ක් තමන්ගේ මතය නිවැරදි යැයි පිළිගන්නා බවත්, ආන්ඩුවට රිදෙන්න පාර්ලිමේන්තුවේ කතා කරලා එළියට ආ විට මන්ත්‍රිවරු මෙන්ම ඇමතිවරුද ඒ පිළිබදව ප්‍රසාදයෙන් කතා කරන බවත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා ප්‍රකාශ කරනවා.

ඒෂියන් මිරර් අන්තර්ජාල නාලිකාව සමග පැවති වැඩසටහනකදී මන්ත්‍රීවරයා මේ අදහස් ඵල කළා.

අයවැයට පක්ෂව ඡන්දය නොදීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට කළ හැකි යමක් නැති බව පවසන මන්ත්‍රීවරයා පක්ෂ ව්‍යවස්ථාවට වඩා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර බවත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදු කළා නම් පමණක් තමන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකි නමුත් අයවැයට පක්ෂව ඡන්දය නොදී සිටීම තම පූර්ණ අයිතිවාසිකමක් බවද මෙහිදී කියා සිටියා.

රටේ ඉතිහාසයේ කිසිවෙක් අත් නොවිදි අති  දුෂ්කර කාලය ඉදිරියේදී පැමිණෙන බවත් එම දුෂ්කරතාවයන් හමුවේ රටේ මහජනතාව ප්‍රචන්ඩව හැසිරීමට ඇති ඉඩකඩ වැඩි බවත් පවසන රාජපක්ෂ මහතා එයට මර්ධනයෙන් මුහුණ දී ජනතාව පාලනය කිරීමට ආන්ඩුවට හැකියාවක් නොමැති බව පවසනවා.

අප්‍රේල් මැයි වනවිට පාර්ලිමේන්තුව තුළම හෝ පාර්ලිමේන්තුවෙන් පිටත බල පෙරළියක් සිදු වන බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?