දේශීය

විමල්, වාසු, ගම්මන්පිල කැබිනට්ටුවෙන් ඉවත් කරන්න අදහසක් නැහැ – ජනපති

සාමුහික වගකීමක් තුළ ඉන් ව්‍යුක්ත මතයන් දැරූ පමණින් තම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර දරණ අමාත්‍යවරුන් තිදෙනෙකු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග ජනාධිපති නිල නිවසේ දී ඊයේ (27) පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සාමුහික වගකීමක් තුළ එහි ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් එය කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටිය දී නොකර ඉන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව තම අදහස බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඉකුත් ප්‍රේමදාස ආණ්ඩු සමයේ ද සාමුහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් ලලිත් ඇතුලත්මුදලි සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර යන අමාත්‍යවරුන්ට එරෙහිව මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා විසින් නඩු තීන්දුවක් ද ලබා දී ඇති බව එහිදී ජනාධිපතිවරයා සිහිපත් කළේය.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?