ක්‍රීඩා

ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ දී වාර්තා පොත් අලුත් වෙයි

2021 ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ දී රන් පදක්කම් 04ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ෂෙනුකි දිශාල්‍යා සමත් වී තිබේ.

ඒ අනුව එහිදී ඇය විසින් කිලෝ ග‍්‍රෑම් 47 බර පන්තිය නියෝජනය කරමින් Dead Lift, Bench Press, Squat යන තරග ඉසව් 3ක් සඳහා රන් පදක්කම් දිනා ගැනීමට ෂෙනුකි සමත් වූ අතර සමස්ත තරගාවලියේ ශූරතාවය ද හිමිකර ගනිමින් ඊට හිමි රන් පදක්කම ද දිනා ගැනීමට ඇය සමත් විය.

තුර්කි සවි එසවීමේ සම්මේලනයේ සහයෝගය ඇතිව ආසියානු සවි එසවීමේ සම්මේලනය විසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණු අතර ඒ සඳහා රටවල් 19ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වී සිටියහ.

පසුගිය 24 වැනිදා ඇරැඹි ආසියානු සවි එසවීමේ ශූරතාවලිය අදින් (30) අවසන් වීමට නියමිතව තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?