Latestදේශීය

ඒක පුද්ගල ණය රු. ලක්ෂ 8කට වැඩියි – මහින්ද අමරවීර

මේ වන විට රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 8කට ආසන්න වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම තත්ත්වය තුළ දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම සහ රට තුළ පවතින ඩොලර් සංචිත ශීඝ්‍රයෙන් පහළ බැසීමේ තත්ත්වයෙන් මිදීමට පවතින ආණ්ඩුවට නොහැකි වී ඇති බව අවංකව පිළිගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන කාලයෙන් පසු පැමිණි කිසිදු ආණ්ඩුවක කිසිදු පාලකයෙකු රටේ ණය බර අවම කර ගැනීමට සමත්ව නොමැති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර දී පැවති වැඩසටහනක දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“මේ රට බරපතළම අභියෝග රාශියකට දැන් මුහුණ දෙමින් යන්නේ. අපි සෑම පැත්තෙන්ම බැලුවොත් කඩා වැටීමක් තියෙන්නේ. අපේ විදේශ ණය ප්‍රමාණය තියෙනවා රු. බි. 17,200ක්. එතකොට අපි ඒක පුද්ගල ණය ප්‍රමාණය 785,365ක් එක පුද්ගලයෙක් ණය වෙලා තියෙනවා. දැන් පසුගිය දවස් ටිකේ ණය වෙච්ච ප්‍රමාණයත් එක්ක බැලුවාම ලක්ෂ 8ට ආසන්න ප්‍රමාණයක් අපි එක පුද්ගලයෙක් ණය වෙලා. 1970 සිරිමාවෝ බන්ඩාරනායක මැතිණියට රට භාර ගන්න කොට ඩොලර් එකට රු. 9යි ගාණක් තමා ගෙව්වේ. එතුමිය 1977 භාර දෙනකොට රු. 7 ගාණකට තමයි ඩොලර් එකක් ගත්තේ. එතනින් පස්සේ පත්වෙච්ච සියලුම රජයන්වල සියලුම පාලකයින් අසමත් වුණා මේ ණය බර අඩු කරන්න. දැන් අද ඩොලර් එක කීය ද කියලා කියන්න බෑ. 201යි කියනවා 200යි කියනවා. එළියේ 240ට, 235ට යනවා. අපේ ඩොලර් සංචිත ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. ඉස්සරහාට මේ තත්ත්වය ඇතිවෙන්න ඉඩ තියෙනවා. අපිත් අවංකව පිළිගන්න වෙනවා අසමත් වෙලා තියෙනවා මේ තත්ත්වයෙන් මිදෙන්න.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?